ඝන මීටර් 350,000 ක ගෑස් ව්‍යාපෘතියක්



සිරියාවේ හෝම්ස් පළාතේ අල්-ෆුරුක්ස්  දිස්ත්‍රිකයේ අබු රැබාහ් හි අලුතින් ඉදිකරන ලද  ගෑස් ලිං 16කින් ගෑස් ලබාගැනීම උත්සවාකාරයෙන් පසුගියදා ආරම්භ විය.

ගෑස් ලිං 16න් දිනකට ඝන මීටර් 350,000ක ගෑස් ලබාගැනීමට ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.  

මෙම ජයග්‍රහණය තුලින් අමාත්‍යාංශය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත ගෑස් ලිං ව්‍යාපෘතියේ සැළසුම් සඳහා මහත් පිටිවහලක් ලැබෙන බව විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක් වෙමින් ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් අමාත්‍ය, අලි ගානෙම් ප්‍රකාශ කළේය.

ගෑස් ලිං තුනක කැනීම් කටයුතු අවසන්  අදියරයේ තිබෙන අතර එහි සමස්ථ ධාරිතාවය ඝන මීටර් මිලියනයක් වන බව වාර්තා වන අතර ගෑස් ලිං 16 සතුව පවතින ගෑස් ප්‍රමාණයෙන් ඝන මීටර් මිලියන 10ක් විදුලි බල නිෂ්පාදනයට යොදාගන්නා බව ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත්අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

දැනට කැණීම් කටයුතු සිදුකරනු ලබන 17වන ගෑස් ලිද පරීක්ෂා කිරීම සඳහා අමාත්‍යවරයා එක්වු අතර සියළුම ගෑස් ලිං කැණීමේ කටයුතු සඳහා දේශීය තාක්ෂණය පමණක් යොදා ගන්නා අතර දමස්කස් හි උතුරු ප්‍රදේශයේ අලුතින් ගෑස් ලිං ඉදිකිරීම සඳහා අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(sana.syපුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS