ගෝලීය ගුවන් සේවා සමුළුව සෞදියේ



2019 ගෝලීය ගුවන්සේවා සමුළුව අප්‍රේල් මාසයේ සෞදි අරාබියේ රියාද් නුවරදි පැවැත්වෙන බව වාර්තා වේ.

සෞදි රජු,සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් 2019 ගෝලීය ගුවන්සේවා සමුළුවට අනුග්‍රහය ලබාදීමට කටයුතු කර ඇතිබවත්සමුළුව අප්‍රේල් 01 සහ 02 යන දිනයන් හිරියාද් නුවර රිට්ස් කාර්ටන් හෝටලයේදි පැවැත්වෙන බව සෞදි ප්‍රවාහන අමාත්‍ය සහ සෞදි ගුවන් සේවා අධිකාරියේ සභාපති, නබිල් අල්-අමූඩි ප්‍රකාශ කළේ ය.

සිවිල් ගුවන් සේවයට අදාල අනාගත ආයෝජන, ප්‍රතිපත්ති, කොන්දේසි, ආරක්ෂාව සහ ගුවන් සේවා පද්ධති පිළිබඳව දැණුම හුවමාරු කරගැනීමට අවස්ථාව හිමි වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

කාන්තාවන්ගේ දායකත්වය සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයට ලබාගැනීමේ අරමුණින්කාන්තා නියෝජනයට වැඩි ඉඩකඩක් සමුළුවේදි ලබා දී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS