ගෝලීය කොටස් වෙළෙඳ පොළ යථා තත්ත්වයට



ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ කිරීමත් පහළ ගිය එරට කොටස් වෙළෙඳපොළ ඇතුළුව ගෝලීය වෙළෙඳපොළ සියල්ල නැවත වරක් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ ට්‍රම්ප් ඉදිරියට පැමිණි අතර ඒ සමඟ ගෝලීය වෙළෙඳපොළ සියල්ල පහත වැටිණි. 
ට්‍රම්ප් මැතිවරණ ව්‍යාපාරයේදී සිදු කරන ප්‍රකාශ එසේ ගෝලීය කොටස් වෙළෙඳපොළ පහත වැටීමට හේතු විය. කෙසේ වෙතත් ට්‍රම්ප් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති බව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළෙඳ පොළ නැවත ඉහළ ගියේ මෙතෙක් වාර්තා කළ ඉහළම අගයක් ද වාර්තා කරමිනි. 
ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිධුරයට පත්වුවහොත් ඇමෙරිකාව තුළ ආර්ථික අර්බුදයක් ඇතිවනු ඇතැයි මත පළ කළ ද ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කර පැය කිහිපයක් ගත වනවිට කොටස් වෙළෙඳ පොළ යථා තත්ත්වයට පත්වීමත් සමඟ අනාවැකි සියල්ල පුස්සක් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

RECOMMEND POSTS