ගුවන් යානා මිලදී ගන්න ඉරානය සැරැසෙයි



ගුවන්යානා ක්ෂේත්‍රයේ දැවන්ත සමාගමක් වන බෝයින් සමාගම සමග මගී ගුවන්යානා මිලදී ගැනීම සදහා ඉරාන ගුවන්සේවය ගිවිසුමක් අත්සන් කර ඇති බව ප්‍රෙස්ටිවී වෙබ් අඩවිය වාර්තා කලේය.

වසරක පමණ සාකච්ඡාවකින් පසුව, ඉරාන ඒස්මන් ගුවන් සමාගම සහ බෝයින් ගුවන් සමගම අතර ගිවිසුම ටෙහෙරාන් නුවරදී අත්සන් කරන ලදී.

ගිවිසුමට අනුව බෝයින් 737 මැක්ස් වර්ගයේ මගි ගුවන්යානා 30ක් මිලදී ගැනීමට නියමිත අතර එම වර්ගයේම තවත් ගුවන්යාන 30ක් මිලදී ගැනීමේ හැකියාව ඇත.

ගිවිසුමට අනුව බෝයින් සමාගම ඉරාන ධජය සහිත ගුවන්යානා 50ක් සැපයීමට නියමිතව ඇත.

ගුවන්යානා මිලදීගැනීමේ සමස්ථ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 16.6කි.

2017 වර්ෂයේ දෙවන භාගයේදී බෝයින් මැක්ස් 737 ගුවන්යානා සේවයට එක්කර ගැනීමට නියමිත අතර එක් ගුවන්යානයක මගීන් ගෙන යා හැකි ප්‍රමාණය 130ක් වේ.

බෝයින් 737 මැක්ස් ගුවන්යානායොදාගනිමින් රට තුල සහ අවට කලාපයේ මගීන් ප්‍රවාහනය කිරීම සදහා යොදාගැනීමට නියමිතව ඇත.

ගුවන් සමාගමේ සමස්ථ මගීආසන ධාරිතාවය 8000 දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බව ගුවන් ඒස්මන් ගුවන් සේවය ප්‍රකාශ කලේය. 

2016 දෙසැම්බර් මාසයේදී ඉරාන ගුවන් සේවය අලුතින් ගුවන්යානා 80ක් මිලදී ගැනීම සදහා ගිවිසුම් කටයුතු අවසන් කර තිබු අතර 2018දී බෝයින් සමාගම ගුවන්යානා ලබාදීම ආරම්භ කරන බව නිවේදනය කර සිටියේය. ඒ අනුව වසර 10ක් ඇතුලතදී සියළුම ගුවන්යානා ලබාදීමට කටයුතු කරන බව ඒස්මන් ගුවන්සේවය කියා සිටියේය. 

ඇණවුම් කරන ලද ගුවන්යානා වලින් 3ක් දැනටමත් ගුවන් සමාගමට ලබාදී ඇති අතර ඉදිරි මාස කීපයේදි ගුවන්යානා ඉරාන සමාගමට ලබාදීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ප්‍රෙස් ටීවී ඇසුරිනි)


RECOMMEND POSTS