ගුවන් මඟීන් අඩුවෙලා



ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපල හරහා විදේශ රටවලට යෑමට පැමිණෙන ගුවන් මඟින් පසුගිය ජනවාරි මාසයේදී 1.0% අඩු වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

මෙම වසරේ ජනවාරි මාසයේ ගුවන් මඟීන් මිලියන 7.96ක් ගමන්වාර 35,306කින් සිය ගමනාන්ත වෙත ගොස් ඇති අතර 2017 වර්ෂයේ දි මිලියන 8.04ක් ගමන්වාර 36,592කින් ගමන් කර ඇති බව ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපල ප්‍රකාශ කළේය.

2018 ජනවාරි මාසයේ භාණ්ඩ ප්‍රවාහනය ටොන් 202,233 දක්වා පහත වැටී ඇති අතර ප්‍රතිශතයක් ලෙස 2.9%ක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS