ගමනාන්ත හතරකට ගුවන් ගමන්



සෞදි ජාතික ගුවන් සේවය නව ගමනාන්ත හතරකට ගුවන් ගමන් ආරම්භ කරන බව වාර්තා වේ.

ඉරාකයේ ඉර්බිල්, ඊජිප්තුවේ ෂර්ම් ඉල් ෂෙයික් සහ ඇලෙක්සැන්ඩ්‍රියාව සහ ජෝර්දානයේ අගනුවර වන අම්මාන් නුවරට ගුවන් ගමන් ආරම්භ කරන බව ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

සෞදි ජාතික ගුවන් සේවය මේ වන විටත් මනමා, අබුඩාබි සහ මස්කට් ඇතුළුවජාත්‍යන්තර ගමනාන්ත හතකට ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර දේශීයව ගමනාන්ත 21කට ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

ජෙඩ්ඩා නුවර අබ්දුල්ලාසිස් නව අන්තර්ජාතික ගුවන්තොටුපොලේ වාර්ෂික ගුවන් මඟීන් සංඛ්‍යාව මිලියන 100 දක්වා වැඩි කිරීමට සැළසුම් කර ඇති බව ගුවන් සමාගම පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ජෙඩ්ඩා නුවර)

RECOMMEND POSTS