කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්



දෛනික ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (28) ඒකක 169.16 කින් ඉහළ ගියේය.

ඒ අනුව දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,028.20ක් ලෙසින් දැක්විණි. සියලු කොටස් මිල දර්ශකයේ අද දිනයේ වර්ධනය ප්‍රතිශතයක් ලෙස සියයට 2.89කි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 ඉක්මවා ගියේ මාස අටකට පසුවය. අවසන් වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 ඉක්මවා ගියේ ජනවාරි මස 7 වැනිදා ය.

දෛනික ගනුදෙනු අවසානයේදී ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ දර්ශකය ද සියයට 0.55කින් එනම් ඒකක 13.64කින් ඉහළ ගියේය. දිනයේ ගනුදෙනු අවසානයේදී ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ දර්ශකය ඒකක 2,495.72ක් ලෙස දැක්විණි.

මේ අනුව අද දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙදපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.89ක් ලෙස සටහන්ව තිබිණි.


RECOMMEND POSTS