කොරෝනා රක්ෂණාවරණයක්



එමිරේට්ස් ගුවන් සේවය, එම ගුවන් සේවය භාවිතයට ගන්නා මගීන් වෙනුවෙන් රක්ෂණාවරණයක් හඳුන්වා දී ඇත.

ඒ, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙනි. ඒ අනුව, කෝවිඩ් 19 රක්ෂණාවරණයක් හඳුන්වා දුන් ලොව පළමු ගුවන් සේවය බවට එමිරේට්ස් ගුවන් සේවය පත්ව ඇතැයි බීබීසී වාර්තාවක දැක්වෙයි.

එමිරේට්ස් ගුවන් සේවය මෙම පියවර ගෙන ඇත්තේ කොරෝනා වයිරස වසංගතය හමුවේ කඩා වැටුණු ගුවන්ගමන් යළි පණ ගැන්වීමේ අරමුණින්ය. මගීන් වැඩි වැඩියෙන් තම ගුවන් සේවය භාවිත කරනු ඇතැයි එමිරේට්ස් ගුවන් සමාගම පවසා තිබේ.

එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් ගමනකදී කොරෝනා ආසාදනය වුවහොත්, අදාළ මගීන්ගේ වෛද්‍ය පහසුකම්, හෝටල්වල නිරෝධායනය පමණක් නොව ඔවුන්ගේ අවමඟුල් සඳහා යන වියදම මෙම රක්ෂණාවරණයට ඇතුළත්ය.

මෙම නිවේදනය කෙරුණේ ලොව පුරා ගුවන් සේවා සමාගම් කොරෝනාවෛරස වසංගතය මැද ගනු ලබන පියවර හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව සිටින අවස්ථාවකය. ගුවන් මගියකු සිය ගමන ආරම්භ කළ තැන සිට දින 31 ක් දක්වා වලංගු වන මෙම රක්ෂණය ලබන ඔක්තෝබරයේ අවසන් කිරීමට නියමිත යැයි ද පැවැසෙයි.

ලොව විශාලතම දිගු දුර ගුවන් සේවය වන්නේ එමිරේට්ස් ය. එමිරේට්ස් මෙම මස මුලදී බීබීසී පුවත් සේවය සමඟ පැවසුවේ 9,000 ක් තරම් වූ රැකියා ප්‍රමාණයක් කපා හරිමිණි.

බීබීසී


RECOMMEND POSTS