කුවේට් තහනම ඉවතට



කුවේටයෙන් ආනයනය කරනු ලබන කුකුලන් ආශ්‍රිත නිෂ්පාදනවලට පනවා තිබු තහනම් ඉවත් කිරීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තිරණය කර ඇත.

ඒ අනුව,පක්ෂීන් (ගෘහස්ථ, කැළෑ සහ විසිතුරු), බිත්තර, කුකුළු මස් සහ අතුරු නිෂ්පාදනයන් අපනයනය කිරීමට කුවේට් රාජ්‍යයට නැවත අවස්ථාව හිමි වෙයි.

කුවේට රාජ්‍යයේ පැවති කුරුළු උණ  (H5N8) රෝගී තත්ත්වය හේතුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ සිටකුකුලන් ආශ්‍රිත නිෂ්පාදන සහ පක්ෂීන්ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට එමිරේට්ස් රාජ්‍යය කටයුතු කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS