කුවේට් ජාතිකයෝ වැඩි පිරිසක් රාජ්‍ය සේවයේ



රජයේ රැකියාවලින් 74%ක් කුවේට් ජාතිකයින් නිරත වන අතර සමස්ථ කුවේට් රජයේ රැකියා ප්‍රමාණයෙන් කුවේට් කාන්තාවන් 45%ක් සහ විදේශිය කාන්තාවන් 25%ක් නියෝජනය වන බව කුවේට් රජය මඟින් මෑතකදී ඉදිරිපත් කරන ලද සංඛ්‍යා දත්ත මඟින් තහවුරු වී ඇති බව අල්-කබස් වෙබ් අඩවිය වාර්තා කළේය.

විදුලි බල හා ජල අමාත්‍යාංශයේ කුවේට් ජාතිකයන්  18,762ක් සහ විදේශිකයින් 1,430 ක් සේවය කරන අතර සමස්ථ සේවකයින් ප්‍රමාණයෙන් 98%ක් කුවේට් ජාතිකයන් වන අතර 2%ක විදේශිකයින් වේ.  

මහජන කටයුතු අමාත්‍යාංශයේ 94% ආවරණය කරමින් කුවේට් ජාතිකයින් 13,000ක් සේවය කරන බව වාර්තා වේ.

කුවේට් ක්‍රෙඩිට් බැංකුවේ සමස්ථ සේවක ප්‍රමාණයෙන් 527ක් කුවේට් ජාතිකයින් වන අතර 35 දෙනෙකු විදේශිකයින් වේ.

කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කුවේට් සේවකයින් 26,000ක් සේවය කරන අතර, සමස්ථ සේවකයින්ගෙන්  29%ක් පරිපාලන නිලධාරීන් ලෙස කුවේට් ජාතිකයින් සේවය කරන අතර, මුලික සෞඛ්‍ය කටයුතු සිදුකිරීම සඳහා විදේශීය සේවකයින් 36,000ක් කුවේට් හි සේවයේ නිරත වන අතර බව සංඛ්‍යා දත්තයන් මඟින් පැහැදිලි වේ.

මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ කුවේට් ජාතිකයන් 11,000ක් සේවය කරන අතර එය සමස්ථ ශ්‍රම බලකායෙන් 67%කි. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(arabtimesonlineපුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS