කාර්ය බහුලම ගුවන්තොටුපොල



ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපොල ලොව කාර්ය බහුලම ගුවන්තොටුපොල ලෙස නම් කර ඇති බව වාර්තා වේ.

පිළිවෙලින් පස්වන වතාවටත් තම ස්ථානය රැක ගැනීමට ඩුබායි ගුවන්තොටුපොල සමත් වී ඇති අතර 2018 වර්ෂයේදි පමණක් ගුවන් මඟීන් මිලියන 89.1ක් ගුවන්තොටුපොලට පැමිණ හෝ වෙනත් ගමනාන්තවලට ගොස් ඇත.

ප්‍රධාන ගමනාන්ත ලෙස ලන්ඩන් නුවර (3,817,889), මුම්බායි (2,540,750) සහ කුවේටය (2,194,576) පත් වී ඇති අතර වාර්ෂිකව, මඟීන් සංඛ්‍යාව වර්ධනය වන ගමනාන්ත ලෙස එක්සත් ජනපදය, චීනය, රුසියාව පෙරමුණේ පසුවෙයි.

කෙටි කාලයකින්, උසස් සේවාවක් ගුවන් මඟීන්ට ලබාදීමට ගුවන්තොටුපොල කාර්ය මණ්ඩලය කටයුතු කරන බව ගුවන්තොටුපොල ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS