කාය වර්ධන මධ්‍යස්ථානවලට අමතර බද්ධක්



කාය වර්ධන මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලබන හිමිකරුවන්ගෙන් සහ භාවිතා කරන පුද්ගලයින් ගෙන් අමතර  16% බද්ධක් ජෝර්දාන් රජය මෑතදීපනවා ඇති බව zawya.com වෙබ් අඩවිය වාර්තා කළේය.

පනවා ඇති නව බද්ධ නිසා කාය වර්ධන මධ්‍යස්ථාන වලට පැමිණෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩුවී ඇති බව වාර්තා වේ.

“අලුත් බද්ධ නිසා අපිට ලියාපදිංචි ගාස්තු සහ පුහුණු කිරීම් වලට අයකරනු ලබන ගාස්තු වැඩි කරන්න වෙනවා, එහෙම වැඩි කලහම බොහෝ දෙනෙක් ව්‍යායාම කරන්න එන්නේ නෑ, අපිත් ලාභයක් ලබා ගන්න තමයි ව්‍යාපාරයක් කරන්නේ’’ යනුවෙන් කායවර්ධන මධ්‍යස්ථාන හිමිකරුවකු වන,අහමඩ් ඉස්මයිල් ප්‍රකාශ කළේය.

අමතර16% බද්ධහේතුවෙන් කාය වර්ධන මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලබන හිමිකරුවන් මහත් අසීරුතාවයකට පතිවී ඇති අතර එම කර්මාන්තය බිද වැටීමේ අවධානමකටද ලක්වී ඇති බව වාර්තා වේ.

කාය වර්ධන මධ්‍යස්ථාන වලට පුද්ගලයින් නොපැමිණීම හේතුවෙන් සාමාජීය ප්‍රශ්න ගණනාවක් ඇතිවීමේ අවධනමක් ඇති විය හැකි බව අහමඩ් ඉස්මයිලල් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(zawya.comපුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS