කාන්තාවන්ට වැඩි අවස්ථා



එමිරේට්ස් සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයට පිවිසීම සඳහා කාන්තාවන්ට වැඩි අවස්ථාවන් උදා කර දී ඇති බව එමිරේට්ස් සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති, ෂයික් අහමඩ් බින් සයිඩ් අල්-මක්ටුම් ප්‍රකාශ කළ බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

අනිකුත් රටවල් සමඟ සංසන්දනය කිරීමේදි එමිරේටය තුල නියමුවරියන්, කපිතාන්වරියන්, ගුවන්යානා ඉන්ජිනේරුවරියන්, කාර්මික ශිල්පිනියන්, නඩත්තු ශිල්පිනියන්, ගුවන් මෙහෙයුම් ශිල්පිනියන් සහගුවන්සේවාවට අදාල ක්ෂේත්‍ර ගණනාවක කාන්තාවන් විශාල ප්‍රමාණයක් සේවයේ යෙදී සිටින බවත් එමිරේට්ස් සිවිල් ගුවන්යානා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයක් කාන්තාවන් සිදුකරමින් සිටින බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS