කටාර් ගුවන් සේවා ජාලයට ඉතාලියේ ෆ්ලොරන්ස් නුවරත් එක්වෙයි



ඉතාලියේ ෆ්ලෝරන්ස් නුවරද කටාර් ගුවන් සේවයේ ජාලයට එකතු කරගැනීමට බලාපොරොත්තු වන ‘කටාර් එයාර්වේස්’ සමූහයේ විධායක අධ්‍යක්ෂක අක්බර් අල් බකිර් පැවැසීය. 
ඉතාලියේ “මෙරිඩියානා ෆ්ලයි” සමාගමේ කොටස්වලින් සියයට 49ක් ලබන වසරේ ජනවාරි මාසය වනවිට මිලදී ගැනීමටත් කටයුතු කරන බවත් ඔහු එහිදි කීය. ඔහු මෙම කරුණු පවසා සිටියේ ඉතාලියේ ටස්කනි හී පැවැති සාකච්ඡාවක් අතරතුරදීය. 
මෙම සාකච්ඡාවලට ඉතාලියේ කටාර් තානාපති අබ්දුල්සිස් බින් අහමද් අල් මල්කි අල් ජෙහානි ද සහභාගි විය. 
ඒ අනුව කටාර් ගුවන් සේවය ඉතාලිය ත-ුළ ව්‍යාප්ති කිරීමට බලාපොරොත්තු වන බවත් ඉතාලිය යනු කාටර් ගුවන් සේවයට ඉතා වැදගත් ගමනාන්තයක් හා ප්‍රධාන මාර්ගයක් යැයි ද එම ගුවන් සේවා  සමූහයේ විධායක අධ්‍යක්ෂක අක්බර් අල් බකිර් පැවසීය. 
ඉතාලියේ ෆ්ලෝරන්ස් ගුවන් තොටුපොළේ ධාවන පථට මේ දිනවල ප්‍රතිසංස්කරණය කරමින් පවතින අතර එහි කටයුතු අවසන් වූ විගස ෆ්ලෝරන්ස් හා දෝහා අතර ගුවන් ගමන් ආරම්භ වීමට නියමිතය. 
 
ගල්ෆ් ටයිම්ස් ඇසුරිනි

RECOMMEND POSTS