කටාර් ගුවන් සමාගමේ ගිවිසුම අත්හිටුවයි



සෞදි රාජ්‍ය, කටාර් රාජ්‍ය සමඟ සියළු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් අත්හිටුවීමට ගත් තීරණයෙන් පසු ප්‍රධාන පෙළේ සෞදි පාපන්දු ක්‍රීඩා සමාජයක් වන අල්-ආලී කටාර් ගුවන් සමාගම සමඟ අත්සන් කර තිබු අනුග්‍රාහක ගිවිසුමඅවලංගු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සෞදි රජයේ උපදෙස් මත අනුග්‍රහක ගිවිසුම අවලංගු කිරීමේ තීරණය ගැනීමට සිදුවූ බව ක්‍රීඩා සමාජයට අයත් නිල ටුවිටර් සමාජ ජාල ගිණුමේ පළ කොට ඇති බව වාර්තා වේ.

කටාර් ගුවන් සේවය සමඟ 2014 වර්ෂයේදි අනුග්‍රහක ගිවිසුම අත්සන් කර ඇති අතර ගුවන් සමාගමේ නිල ලාජංඡනය මුද්‍රණය කරන ලද ටී-ෂර්ටයක් පැලඳ සෞදි ක්‍රිඩකයින් ක්‍රිඩා කළහ.

2022 දි පැවැත්වෙන ලෝක කුසලානය වෙනුවෙන් අනුග්‍රාහක ගිවිසුම පසුගිය මාසයේදි නැවත අලුත් කළේය.

කටාර් ගුවන් සමාගම සෞදි අරාබියේ ප්‍රධාන නගර 8ක් වෙත සතියකට ගුවන්වාර 151ක් ක්‍රියාත්මක කරනු ලබයි. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS