ඕමාන් පාරේ වාහන මිලියන 1.38 ක්



ඕමානයේ ඇති සමස්ථ රථවාහන සංඛ්‍යාව පසුගිය මාර්තු මාසය වනවිට මිලියන 1.38 වන බව ඕමාන් ඩේලි වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ජනවාරි මාසයේ සිට මේ දක්වා අලුතින් වාහන 18,797ක් ලියා පදිංචි කර ඇති අතර එයින් 13,751ක් පෞද්ගලික අයිතිකරුවන්ට අයිති වේ. 

පසුගිය වසර හා සසදන විට මේ වසරේ පළමු කාර්තුවට සාපේක්ෂවවාහන ලියාපදිංචිය 23.4%ක් පහළ ගොස් ඇති බව සංඛ්‍යා ලේඛන හා තොරතුරු ජාතික මධ්‍යස්ථානය මගින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනයන් මගින් තහවුරු වේ.

අලුතින් ලියාපදංචි කරන ලද commercial vehicles සංඛ්‍යාව පසුගිය අවුරුද්දට සාපේක්ෂව 38.4කින් අඩුවී ඇති අතර 2017මාර්තු මාසයේදී ලියාපදිංචිකරන ලද වාහන සංඛ්‍යාව 3596ක් වේ. 

2016 පළමු කාර්තුව හා සංසන්ධනය කරන විට 2017දී ලියාපදිංචි කරන ලද කුලී රථ සංඛ්‍යාව 33.1% කින් පහත ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS