ඕමානයේ සංශෝධිත තෙල් මිල ගණන්



ජුලි මාසයට අදාල තෙල් මිල ගණන් ඕමාන් තෙල් සහ ගෑස් අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළ අතර ජුනි මාසය සමඟ සංසන්ධනය කරන විට ජුලි මාසයේ තෙල් මිල ගණන් පහළ ගොස් ඇත.

එම් 95 පෙට්රල් ලීටරයක මිල බයිසා183ක්ද, එම්91 පෙට්රල් ලීටරයක මිල බයිසා175ක්ද, ඩීසල් ලීටරයක මිල බයිසා192ක් ලෙස ජුලි මාසයට අදාලව සංශෝධනය කර ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් පුවත් අඩවිය වාර්තා කළේය.

ජුනි මාසයේදි එම්95 පෙට්රල් ලීටරයක මිල බයිසා191ක්ද, එම්91 පෙට්රල් ලීටරයක මිල බයිසා180ක්ද, ඩීසල් ලීටරයක මිල බයිසා197ක් ලෙස මිල ගණන් පැවතිනි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS