එමිරේට්ස් ලබා ලබයි !



වර්තමාන මූල්‍ය වසරේ පළමු අර්ධය සඳහා එමිරේට්ස් සමුහය ඩිරාම් බිලියන 53.3 ක (ඇ. ඩොලර් බිලියන 14.5 ක) ආදායමක් වාර්තා කර ඇතැයි එම සමූහය සදහන් කරයි.

එම කාලය තුල ඩුබායි ගුවන් තොටුපළේ දක්ෂිණ පථය දින 45 ක කාළයක් අඵත්වැඩියාව සඳහා වසා තැබීම සහ රටවල් කීපයක අයහපත් විනිමය අනුපාත වෙනස් වීම් හේතුවෙන් මෙම අගය සියයට 2 කින් අඩුවූ බව එම සමාගම නිවේදනය කර ඇත.

එම කාළය තුල ඉන්ධන මිල සියයට 9 කින් අඩුවීම තුලින් සමූහයට ශුද්ධ ලාභ වර්ධනයක් වාර්තා කිරීමට හැකි වූ බවත්, එම ශුද්ධ ලාභය පසුගිය වසරේ මුල් අර්ධයට සාපේක්ෂව සියයට 8 කින් ඩිරාම් බිලියන 1.2 (ඇ. ඩොලර් මිලියන 320 ක්) දක්වා ඉහළ ගිය බවත් එමිරේට්ස් සමූහය පවසයි.

මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් සමූහයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරී ශීක් අහ්මඞ් බින් සයීඞ් අල් මක්ටුම් මහතා ප‍්‍රකාශ කළේ ජාත්‍යන්තර වෙළඳපළේ පැවැතුනු අහිතකර තත්වයන් මෙන්ම කලාපීය වෙළඳපළ කීපයක දේශපාලනික සහ සමාජමය අස්ථාවරතාවයන් වලට මුහුණ දීමට සමූහයේ උපාය මාර්ගික වැඩපිළිවෙල වෙනස් කිරීමට සිදුවූ බවයි. පාලනය කළ හැකි වියදම් මනා ලෙස කළමණාකරණය කිරීමටත්, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, අවස්ථාවන්ගෙන් උපරිම ප‍්‍රතිඵල ලබා ගැනීමට සම්පත් යෙදවීම තුලින් එමිරේට්ස් සමූහයට ධනාත්මක කාර්ය සාධනයක්  ලබා ගැනීමට හැකි වූ බවද ඔහු පැවැසීය.

මෙවැනි වාතාවරණයක ඉන්ධන මිල අඩුවීම ප‍්‍රයෝජනවත් වූ බවත් සළකා බලන මාස 6 සඳහා සමූහයේ ඉන්ධන වියදම් ඩිරාම් බිලියන 2 කින් අඩුකර ගැනීමට හැකි වූ බව වාර්තා කළ අල් මක්ටුම් මහතා එනමුත් අහිතකර විනිමය අනුපාත වෙනස්වීම්, සමූහයේ ලාභයෙන් ඩිරාම් බිලියන 1.2 කින් අඩුවීමට හේතු වූ බව අනාවරණය කළේය.

එමිරේට්ස් සමූහයේ සේවකයින් සංඛ්‍යාව 2019 මාර්තු 31 දා පැවැති 105.315 ලෙස නොවෙනස්ව පවත්වා ගත් බවද සමූහයේ මූල්‍ය ප‍්‍රතිඵල නිවේදනයේ සඳහන් වේ.

මේ අතර එමිරේට්ස් ගුවන් සමාගමේ ශුද්ධ ලාභය 2019-20 මූල්‍ය වසරේ මුල් භාගය සඳහා ඩිරාම් මිලියන 862 ක් (ඇ.ඩො. මිලියන 235 ක්) වූ අතර පසුගිය වසරේ මුල් භාගයට සාපේක්ෂව එය සියයට 282 ක වර්ධනයකි. ගුවන් සමාගමේ ආදායම සියයට 3 කින් ඩිරාම් බිලියන 47.3 ක් (ඇ.ඩො. බිලියන 12.9 ක්) දක්වා අඩුවීමක් පෙන්වීය.

2019 අපේ‍්‍රල් 1 සිට සැප්තැම්බර් 30 කාළය තුල එමිරේට්ස් ගුවන් සමාගම ගුවන් මගීන් මිලියන 29.6 ක් ප‍්‍රවාහනය කළ අතර එය පසුගිය වසරේ එම කාළය තුල ප‍්‍රවාහනය කළ මගීන් සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 2 ක අඩුවීමකි. සමාගම ප‍්‍රවාහනය කළ ගුවන් භාණ්ඩ ප‍්‍රමාණය සියයට 8 කින් ටොන් මිලියන 1.2 දක්වා පහත බැස ඇත. මෙය එම කාළය තුල ගෝලීය ගුවන් කාගෝ ක්ෂේත්රයට බලපෑ අභියෝග පිළිබිඹු කරයි.

සළකා බලන මාස 6 තුලදී එමිරේට්ස් ගුවන් සමාගම අඵත් එයාබස් A380 වර්ගයේ ගුවන් යානා 3 ක් ලබා ගත් අතර තවත් යානා 3 ක් 2019-20 වසරේ අවසානයට පෙර ලබා ගැනීමට නියමිතය. මේ සමගම එමිරේට්ස් ගුවන් සේවය නව ගමනාන්ත 2 කට සේවා ආරම්භ කළේය. 2019 සැප්තැම්බර් 30 වන විට එමිරේට්ස් ගමනාන්ත ජාලය රටවල් 84 ක නගර 158 කින් සමන්විත වු අතර ගුවන් සමාගමේ සමස්ත ගුවන් යානා සංඛ්‍යාව 267 ක් විය.

එමිරේට්ස් ගුවන් සමාගමේ මෙහෙයුම් වියදම් සියයට 8 කින්ද, සමස්ථ ධාරිතාව සියයට 7  කින්ද සලකා බලන කාළය තුලදී අඩු වූ බව සමාගම වාර්තා කරයි. සමාගමේ ඉන්ධන වියදම සියයට 13 කින් අඩු වූයේ වෙළඳපලේ ඉන්ධන මිල ගණන් අඩුවීම සහ දින 45 ක් ඩුබායි ගුවන් තොටුපලේ පථය වසා දැමීම නිසා අඩු වූ ධාරිතාව හේතුවෙනි. ගුවන් සමාගමේ මුඵ වියදමින් සියයට 32 ක කොටසක් වැය වන්නේ ඉන්ධන සඳහාය.


RECOMMEND POSTS