එමිරේට්ස් තෙල් මිල වැඩි කරයි



අද මැයි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන තෙල් මිල ගණන් සංශෝධනයන්ට අදාල මිල ගණන් එමිරේට්ස් බලශක්ති අමාත්‍යාංශය ඉරිදා (අප්‍රේල්30) ප්‍රකාශයට පත් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සංශෝධිත තෙල් මිලගණන් පහත දැක්වේ.

පෙට්රල්

Super 98-ඩිරාම් 1.95 සිට ඩිරාම් 2.01

Special 95-ඩිරාම් 1.84 සිට ඩිරාම් 1.90

E Plus 91-ඩිරාම් 1.77 සිට ඩිරාම් 1.83දක්වා වැඩි කර ඇත.

ඩීසල්

ඩිරාම් 1.95 සිටඩිරාම් 1.97 දක්වා වැඩි වේ. 

අදාල සංශෝධිත මිල ගණන් මැයි 01 (අද) දින සිට ක්‍රියාත්මක වේ.

ලෝක වෙළඳපලේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 52.05ක් වේ.

2017 ජනවාරි මස 01දින සිට දිනකට බොර තෙල් බැරල් මිලියන 1.8කින් අඩු කිරීම සදහා ඔපෙක් රටවල් සහ ඔපෙක් නොවන රටවල සාමාජිකයින් ගනු ලැබූ තීරණය මත අදාල මිල සංශෝධනයන් සිදු කිරීම සිදුව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔස්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS