එමිරේට්ස් තෙදිනක් මගී ගුවන් සේවා අත්හිටුවයි



ලොව ප්‍රමුඛතම ගුවන් සේවා සමාගමක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 'එමිරේට්ස්'  ගුවන් සේවය තාවකාලිකව සියලුම මගී ගුවන් සේවා කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි මේවන විට නවතා දමා ඇත.

අද (23) නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය මේ බව නිවේදනය කළේය.

ඒ අනුව අද (23) පටන් ලබන 25 වැනිදා තෙක් පුරා තෙදිනක් එමිරේට්ස් ගුවන් සේවය මගින් ලොව පුරා රටවල් රැසකට ක්‍රියාත්මක කරන මගී ගුවන් සේවා අත්හිටුවන බව එම සමාගම නිවේදනය කර සිටී.

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS