එමිරේට්ස්-කොචින් අතර යළි ගුවන් ගමන්



ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් එමිරේට්ස්-කොචින් නගර අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට සිදු විය.

2019 අගෝස්තු 08 දින පෙ.ව 09.00 සිට 2019 අගෝස්තු 11 දින ප.ව 03.00 දක්වා තාවකාලිකව ගුවන් ගමන් නවතා දමන බවට කොචින් අන්තර්ජාතික ගුවන්තොටුපොල මීට පෙර දැනුම් දී ඇත.

අගෝස්තු 11 දින දහවල් 12.00ට යළි ගුවන් ගමන් ඇරඹීම සඳහා ගුවන්තොටුපොල විවෘතකරන බවට ගුවන්තොටුපොල පසුව නිවේදනය කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS