එටිසලාට් ඇමෙරිකාවේ කොටස් අරන්



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලතම දුරකතන සන්නිවේදන සමාගම වන එටිසලාට් සමාගම එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක වටිනාකමකින් යුතු කොටස් මිලදී ගැනීමට සූදානම් බව වාර්තා වේ.

එමිරේට්ස් දුරකතන සන්නිවේදන සමූහයේ අධ්‍යක්ෂඛ මණ්ඩලය එසේත් නැතිනම් එටිසලාට් සමාගම එලෙස කොටස් මිලදී ගැනීමට නිර්දේශ කර තිබෙන අතර ගෙවන ලද ප්‍රාග්ධනයෙන් සියයට පහක් එසේත් නැතිනම් ඩොලර් මිලියන 434.8ක් මිලදී ගැනීමට තීරණය කර තිබේ. අබුඩාබි පදනම් කරගනිමින් ක්‍රියාත්මක එටිසලාට් සමාගම ඒ බව සඳහන් කරමින් නිවේදනයක් ද නිකුත් කළේය.

හර්ෂණ තුෂාර සිල්වා
බ්ලූම්බර්ග්


RECOMMEND POSTS