එක් කරන්නේ නෑ



එමිරේට්ස් සහ එටිහාඩ් ගුවන් සමාගම් දෙක එකට එකතු කරන බවට පැතිර යන පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ගුවන් සමාගම් දෙක නිවේදන නිකුත් කරමින් සඳහන් කර ඇත.

එමිරේට්ස් ගුවන් සමාගම එටිහාඩ් ගුවන් සමාගම පවරාගෙන ලොව විශාලතම ගුවන් සමාගම නිර්මාණය කිරීමට සැළසුම් කර ඇති බවට දැක්වෙන පුවතක් අන්තර්ජාලය හරහා පැතිරී ගොස් ඇති බව ජි.ඩි.එන් වෙබ් අඩවිය වාර්තා කළේය.

ගුවන් සමාගම් දෙක පැති කීපයක් ආවරණය වන පරිදි මෙම වසර මුලදී ගිවිසුම් කීපයක් අත්සන් කර ඇති අතර එක් ගුවන් සමාගමක ගුවන් නියමුවෙක්ට අනිත් ගුවන් සමාගමේතාවකාලික පදනම යටතේ සේවය කිරීමට හැකිවන පරිදි ගිවිසුමක්ද අත්සන් කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS