ඊජිප්තුව තාවකාලිකව මාළු අපනයනය නවතා දමයි



 
විදේශ වෙළෙඳපොළ ඇති වූ වර්ධනයත් පසුගිය නොවැම්බර් මාසයේදී සිදු වූ මුදල් ඒකකය අවප්‍රමාණය වීමත් ඒ නිසා දේශීය සැපයුම්වල පහත වැටීම සහ දේශීය මිලගණන්වල වැඩිවීම මාළු අපනයනය කිරීම නවතා දමන ඊජිප්තුවේ ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසිී පැවැසීය.
 
කඩිනමින් මිල ගණන් ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරන බව මුදල් ඒකකය අවප්‍රමාණය වීම නිසා මිලදි ගැනීමේ හැකියාව අඩු වූ ඊජිප්තු වැසියන්ට ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසි පොරොන්දු වුවද අපනයන තහනම කවදා වනතෙක් බල පවත්වන්නේ ද යන්න ප්‍රකාශ නොකළේය.
 
“අපි වසරකට මාළු ටොන් 40,000ක් පමණ අපනයනය කරනවා. මේ වසරේ මුල් මාස තුනේදී අපි ටොන් 120,000ක් අපනයනය කළා. අපි මාළු අපනයනය තාවකාලිකව තහනම් කළේ මෙය පාලනය කරගැනීම සඳහායි” යැයි ඊජිප්තුවේ පැවැති තරුණ සමුළුවක් අමතමින් කීවේය.
 
ඊජිප්තුව වැඩි වශයෙන් මාළු අපනයන කරන්නේ ගල්ෆ් රටවලටය. ඊජිප්තුව පසුගිය නොවැම්බර් මාසයේදී ඩොලරයට සාපේක්ෂව ඊජිප්තු පවුම 8.8 ක් දක්වා අඩු කළේය. 
 
හර්ෂණ තුෂාර සිල්වා
ජෝර්දානියන් ටයිම්ස් ඇසුරිනි

RECOMMEND POSTS