ඉරානයේ ‘රියාල්‘ වෙනුවට ‘ටොමාන්‘ එයි



 
ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව එල්ල වන අභියෝගවලට මුහුණදීමේ පියවරක් වශයෙන් ‘රියාල්’ වෙනුවට ජාතික මුදල් ඒකකය ලෙස යළිත් වරක් ‘ටොමාන්’ භාවිතා කිරීමට ඉරාන රජය සූදානම් වෙයි.
ඉරාන ජනාධිපති හසන් රොව්හානි මේ සම්බන්ධයෙන් එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගැනීමට නියමිත යැයි එරට ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කර තිබේ. 
මේ සම්බන්ධයෙන් පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසු උත්තරීතර මන්ත්‍රී මණ්ඩලයට යොමු කෙරේ. එය පනතක් බවට සම්මත වන්නේ ඉන් පසුවය.
1930 දශකය වනතුරු ඉරාන මුදල් ඒකකය හැඳින්වූයේ ‘ටොමාන්’ යනුවෙනි. ‘ටොමාන්’ යන නම ‘රියාල්’වලට වෙනස් විය. 
රියාල් 10 ක් ටොමාන් 1 කට සමානය. 
‘මෙහිදි සිදුවන්නේ රියාල් යන නම වෙනුවට පැරැණි නම ටොමාන් යන්න මුදල් ඒකකය ලෙස භාවිතා කිරීමයි. ඇමෙරිකන් ඩොලරයෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීමට මෙය සාර්ථක පියවරක් වනු ඇත’ යැයි ඉරාන මහ බැංකු අධිපති වලියොල්ලා සෙෆී පවසා ඇත.
 
(ප්‍රෙස් ටීවී)

RECOMMEND POSTS