ඉරානයේ බොරතෙල් අපනයනය දිනකට මිලියන තුනක්



ඉරානයේ ‘ඊස්ෆාන්ද්’ මාසයේ බොරතෙල් අපනයනය දිනකට මිලියන තුනක අගයක් වාර්තා කළ බව අයි.ආර්.එන්.ඒ පුවත් සේවය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවා වාර්තා කළේය.  
වසර 2015 දී බටහිර බලවතුන් සමඟ අත්සන් කරන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුම නිසා ඉරානයට පනවා තිබූ සම්බාධක ඉවත් වූ බවත් එම නිසා ඉරානයට අපනයන වර්ධනය කිරීමට හැකියාව ලැබුණු බවත් ඉරාන ඉන්ධන අමාත්‍ය බිජාන් නාම්දාර් සාන්ගනේහ් පැවැසීය.
“න්‍යෂ්ටික ගිවිසුමට පෙර අපට දිනකට බොරතෙල් බැරල් මිලියනක් අපනයන කරගන්න හැකියාව ලැබුණේ නැහැ” යැයි ඉරාන තෙල් අමාත්‍යවරයා කීය.
න්‍යෂ්ටික ගිවිසුමෙන් පසු ඉරානයේ ඉන්ධන අපනයන දෙගුණයකින් වැඩි වී ඇතැයි ද අමාත්‍ය බිජාන් නාම්දාර් කීය.
ඉරානයේ ‘ඊස්ෆාන්ද්’ මාසය පෙබරවාරි මස අග සිට මාර්තු මස අග දක්වා කාලයයි.

රොයිටර්


RECOMMEND POSTS