ඉරානයෙන් වැඩිපුර තෙල්



මේ වසරේදී සහ ලබන වසරේදී ඉරානයෙන් මිලදී ගන්නා තෙල් ප්‍රමාණය වැඩි කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඉරානය සහන ලබාදීමට තීරණය කිරීමත් සමඟ ඉරානයෙන් කෙරෙන ඉන්ධන ආනයන වැඩි කිරීමට ඉන්දියාවේ රජයේ පිරිපහදු කරන්නන් එලෙස තීරණය කර තිබේ.

ඉරානය ආසියාවේ තම තෙල් පාරිභෝගික රටවල් තවදුරටත් රඳවා තබාගැනීම සඳහා සහන ලබාදීමට තීරණය කර තිබේ. ලොව වැඩිම තෙල් නිෂ්පාදන රටවල් දෙක වන සෞදි අරාබිය සහ ඉරානය තරගයක යෙදී සිටින අතර සෞදි අරාබියට වඩා සහන දෙමින් තම පාරිභෝගික රටවල් තවදුරටත් රඳවා ගැනීමට ඉරානය තීරණය කර තිබේ.

ඉරානය මෙලෙස සහන ලබාදෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය එරටට තවදුරටත් සම්බාධක පැනවීමේ අවදානමක් තිබෙන මොහොතකය. චීනයට පසු ඉරානයෙන් වැඩියෙන්ම තෙල් ආනයන කරන රට වනුයේ ඉන්දියාවයි.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS