ඉරාන - රුසියා තෙල් ගනුදෙනුවක්



ඉරානයෙන් තෙල් මිලදී ගැනීමේ ගිවිසුමකට රුසියාව අත්සන් කර ඇතැයි ඉරාන බලශක්ති ඇමැති බිජාන් සන්ජෙනේ පවසයි.

බලශක්ති ඇමැතිවරයා පවසන අන්දමට ඉදිරි දින 15 ඇතුළතදී ඉරානයෙන් තෙල් බැරල් 1,00,000 ක් රුසියානු රජය විසින් මිලදී ගනු ඇත.

ඉරාන බලශක්ති ඇමැතිවරයා සහ රුසියානු බලශක්ති පිළිබඳ ඇමැති ඇලෙක්සැන්ඩර් නෝවැක් අතරේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගිය දා සාකච්ඡා පැවැත්වුණු බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කර ඇත.

මේ අතර ඉරානය සමඟ පවතින මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීමට මෙම ගනුදෙනුව ඉවහල් වූ බව රුසියානු රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS