ඉන්ධන මිලගණන් ඉහළට



එක්සත් අරාබි එමිරේට්ස් බලශක්ති හා කර්මාන්ත අමාත්‍යාංශය අගෝස්තු මාසයට අදාල ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇත.

අගෝස්තු 01 දින සිට වැට්(VAT)  බද්ද ක්‍රියාත්මක වන අතර 5%ක වැට්බද්ද ඇතුළත්ව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

“Super 98’’වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 2.30 සිට 2.37 දක්වාත්, “Special 95’’වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 2.18 සිට 2.26 දක්වාත්, “A Plus 91’’වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 2.11 සිට 2.18 දක්වාත් වැඩි කර ඇත.

ඩීසල් ලීටරයක මිල ඩිරාම් 2.35 සිට 2.42 දක්වා වැඩි කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS