ඉන්ධන මිලගණන් අඩුවෙයි



එමිරේටයේ 2019 පෙබරවාරි මාසයට අදාල ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇත.

අදාල ඉන්ධන මිල ගණන් එමිරේට්ස් ඉන්ධන කමිටුව ප්‍රකාශයට පත් කර ඇති අතර සුපර් 98 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 1.95ක් සහ සුපර් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 1.84ක් වේ.

ඩීසල් ලීටර් එකක මිල ඩිරාම් 2.30 සිට 2.28 දක්වා අඩු කිරීමට එමිරේට්ස් ඉන්ධන මිල කමිටුව තීරණය කර ඇත.

අදාල මිල ගණන් 2019 පෙබරවාරි 01 දින සිට ක්‍රියාත්මක වන බව මිල කමිටුව නිවේදනය කර ඇත. 

ලෝක වෙළඳපොලේ පවතින බොර තෙල් මිල ගණන් අනුවඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව එමිරෙට්ස් බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS