ඉන්ධන මිල ගණන් ඉහළට



මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් එය සෘජුවම ගුවන්සේවාවල ලාභදායීත්වය කෙරෙහි බලපා ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී.

සාමාන්‍යයෙන් ගුවන්සේවා සමාගම්වල පිරිවැයෙන් සියයට 30 ක් පමණ සමන්විත වන්නේ ඉන්ධන සඳහා දරනු ලබන වියදම්වලිනි. පසුගිය සඳුදා වන විට බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 68 ක් ලෙසින් වාර්තා වූ අතර මේ අනුව 2017 ජූනි මාසයේ සිට මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී තෙල් මිල සියයට 50 කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Alexandre de Juniac විසින් Bloomberg TV වෙත කියා සිටියේ තෙල් මිල ඩොලර් 60-70 මට්ටමේ පැවතීම දැරිය හැකි මට්ටමක් බවත්, යම් විදියකින් බොරතෙල් බැරලයක මිල ඩොලර් 70 සීමාව ඉක්මවා ගියහොත්, අනිවාර්යයෙන් ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තුවල ඉහළ දැමීමක් කිරීමට සිදුවනු ඇති බවයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS