ඉන්ධන නිසා වාහනවලට හානි



ඕමානයේ ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරන එම්95 වර්ගයේ පෙට්රල් ප්‍රමිතියෙන් තොර බවට මෝටර් රථ හිමියන් චෝදන එල්ල කරන බව ඕමාන් ඔබ්සවර් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

උතුරු බැටිනා සහ බැරිමි නගරවල ඇති ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමෙන් පසු මෝටර් රථවලට සිදු වු හානිය සම්බන්ධයෙන් මෝටර් රථ හිමියන් ඕමාන් වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශයට පැමිණිලි කර ඇත.

පිරවුම්හල්වලින් නිකුත් කරන ඉන්ධනවල මණ්ඩි පවතින බවට පරීක්ෂණාගාර තුල සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසු නගර දෙකේ ඉන්ධන පිරවුම්හල්වල ඇති ඉන්ධන ඉවත් කරගන්නා ලෙස අමාත්‍යාංශය සමාගම්වලට නියෝග කර ඇත.

ඉන්ධන තොග නිසියාකාරව ඉවත් කරගන්නවාද නැද්ද යන්න පිළිබඳව අමාත්‍යාංශය අවධානයෙන් සිටින බව වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මෝටර් රථ හිමියන්ට සිදු වු අලාභය ගෙවන ලෙස අමාත්‍යාංශය ඉන්ධන සමාගම්වලට නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS