ඉදිකිරීම් ක්ෂේත්‍රය 7.7 % කින් පහතට



ඕමාන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 7.7%කින් පහත වැටී ඇති බව නවතම සංඛ්‍යා දත්ත මඟින් තහවුරු වන බව ඕමාන්ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය‍.

2017 වර්ෂයේ දෙසැම්බර් මාසය අවසන් වනවිට විදේශ ශ්‍රමිකයන් 619,744ක් ඉදිකිරීම් ක්ෂේත්‍රයට ශ්‍රම දායකත්වය ලබාදුන්නත් 2018 ජුලි මාසය අවසන් වනවිට 589,089 දක්වා අඩු වී ඇත. 

2017 වර්ෂය සමඟ සංසන්දනය කිරීමේදි 2018 වසර තුල ලිපිකාර සේවයේ යෙදි සිටින විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 11.2%කින් අඩු වී ඇති අතර පෞද්ගලික අංශයේ සේවයේ නියුතු විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාවද පහත වැටී ඇති බව දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

 

 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS