ඇමෙරිකා ආර්ථිකයට කටාර් පිහිට



කටාර් ජාතික ගුවන් සේවය ඇමෙරිකාවේ ආර්ථිකයට විශාල ශක්තියක් වී ඇති බවත්, කටාර් ගුවන් සේවයත්, කටාරයත් හරහා ඇමෙරිකාව සම්බන්ධ වීමෙන් ඇමෙරිකානුවන් මිලියනයකට රැකියා අවස්ථා උදා වී ඇති බවත් ‘ද පෙනින්සියුලා’ පුවත් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ඒ අනුව ඇමෙරිකන් ඩොලර් බිලියන 92 කින්, ඇමෙරිකානු ආර්ථිකයට ශක්තියක් වී ඇති බව ද කටාර් ආර්ථික සහ වාණිජ කටයුතු ඇමැති ෂෙයික් අහ්මද් බින් ජසීම් අල් තානී පවසයි.

කටාර් ගුවන් සේවය බෝයිං යානා 332 ක් මිලදී ගැනීම හරහා ඇමෙරිකානුවන්ට රැකියා අවස්ථා 5,27,000 ක් උදාකර දී ඇතැයි ද ඇමැතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

ඇමැති ෂෙයික් අහ්මද් බින් ජසීම් අල් තානී පසුගිය දා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර සංචාරයක නියැලුණේය. ඔහු මෙසේ අදහස් දක්වා සිටියේ ‘කටාර් ඇමෙරිකා සහයෝගීතාව’ සම්බන්ධයෙන් වොෂින්ටන් අනුවර පැවැති විශේෂ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි. කටාර් මෙන්ම ඇමෙරිකා ව්‍යාපාර සමාගම් රැසක නියෝජිතයෝ එම සමුළුවට සහභාගී වූහ.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS