ඇතන්ස් නුවරට



ඕමාන් ගුවන්සේවය ග්‍රීසියේ ඇතන්ස් නුවර දක්වා ගුවන් ගමන් පුළුල් කිරීමට සැළසුම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

2019 ජුනි මාසයේදී ගුවන්ගමන්ආරම්භ කිරීමට නියමිතව ඇති අතර දිනපතාගුවන්වාර ක්‍රියාත්මක කිරීමට ගුවන් සමාගම අපේක්ෂා කරයි.

“අපි ගොඩක් සතුටු වෙනවා අලුත් ගමනාන්තය ලෙස ඇතන්ස් නුවර තෝරගන්න ලැබුණු එක ගැන, ගුවන්ගමන්වලට බෝයිං 737 වාර්ගයේ ගුවන්යානාවක් යොදවන්න බලාපොරොත්තු වෙනවා.’’යනුවෙන් ප්‍රධාන විධායක නිලධාරි, අබ්දුල් අසීස් අල් රීසි ප්‍රකාශ කළේය.

2022 වනවිට ගුවන්යානා 70 දක්වා වැඩි කිරීමටත්, ගමනාන්ත 60කට ගුවන්ගමන් ක්‍රියාත්මක කිරීමට ඕමාන් ගුවන්සේවය සැළසුම් සකස් කර ඇති බව අබ්දුල් අසීස් අල් රීසිවැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS