ආහාර පරිභෝජනය ඉහළට



රාමසාන් මාසය ආරම්භයත් සමඟ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ආහාර පරිභෝජනය 50%කින් ඉහළ ගොස් ඇති අතර ආහාර නාස්තියද ඉහළ ගොස් ඇති බව එමිරේට්ස් කසළ කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

ආහාර මිලදී ගැනීම සඳහා අනවශ්‍ය ආකාරයෙන් මුදල්වියදම් කිරීමනිසා ආහාර නාස්තිය සිදුවන බවත්සෑම වසරකමරාමසාන් මාසය තුල 15%ක ආහාර නාස්තියක් සිදුවන බවඅධ්‍යනයකින් සොයාගෙන ඇත.

ආහාර නාස්තිය නිසා ඉවත දමන ආහාර එකතු කිරීමට අමතර සේවකයන්, කසළ බඳුන් සහ පිරිවැයක් දැරීමට සිදුවන බව එමිරේට්ස් කසළ කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS