ආහාර කන්ටේනර් තුර්කියේ සිට කටාරයට



ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් ට්‍රක් රථ 200 ක්, තුර්කියේ සිට ගොඩබිම් මාර්ග ඔස්සේ කටාරයට ළඟා වුණැයි කටාරයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික අහ්මද් අල් කලාෆ් කියයි.

අල් කලාෆ් මේ බව පවසා ඇත්තේ අල් ෂරාක් නමැති අරාබි පුවත්පතටය. කිරි, පළතුරු, එළවළු, ධාන්‍ය වර්ග ඇතුළු ආහාර රැසක් මෙම ට්‍රක් රථ මගින් කටාරයට ලැබුණැයි ද අල් කලාෆ් පැහැදිලි කරයි.

ගොඩබිම් මාර්ග ඔස්සේ තුර්කියේ සිට මෙසේ ආහාර ට්‍රක් රථ පැමිණී මූල්‍යමය වශයෙන් ද ඉතා සහනදායී වුණු බව අල් කලාෆ් වැඩි දුරටත් පවසා ඇත. අසල්වැසි සෞදිය ප්‍රමුඛ ගල්ෆ් රටවල් පනවා ඇති සම්බාධක හේතුවෙන්, කටාරයට ආහාර ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය ලැබෙන ගොඩබිම් මාර්ග සහ මුහුදු මාර්ග ආදී සියල්ල ඇහිරී ගොස් තිබේ.

එවැනි තත්ත්වයක් යටතේ ගොඩබිම් මාර්ග ඔස්සේ ආරක්ෂිතව, කිසිදු හානියක් නොවන අයුරින් ආහාර කන්ටේනර් කටාරයට ගෙන්වා ගැනීමට හැකි වීම ගැන තමන් සතුටට පත් වෙනවා යැයි ද ව්‍යාපාරික අහ්මද් අල් කලාෆ් වැඩි දුරටත් කියා සිටී.

කටාරයේ පෞද්ගලික අංශය නියෝජනය කරන ව්‍යාපාරික අහ්මද් අල් කලාෆ් වැනි ව්‍යාපාරිකයන් සැමවිටම උත්සාහ ගන්නේ සම්බාධක මඟ හැර සහනදායී මුදලකට ආහාර ඇතුළු අවශ්‍ය භණ්ඩ කටාරයට ගෙන්වා ගැනීමට යැයි අල් ෂරාක් පුවත්පත වාර්තා කර තිබේ.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS