ආනයනය 44%කින් අඩුවෙයි



සෞදි අරාබියේ දුම්කොළ හා අතුරු නිෂ්පාදන ආනයනය 44%කින් 2018 වර්ෂය තුල අඩු වී ඇති බව වාර්තා වේ.

දුම්කොළ සහ අතුරු නිෂ්පාදන ආනයනය කිරීම සඳහා සෞදි අරාබිය සෞදි රියාල් බිලියන 3.4ක් 2017 වර්ෂයේ වියදම් කර ඇති අතර 2018 වර්ෂයේ වියදම් කර ඇත්තේ බිලියන 1.7ක් පමණි.

2017 වර්ෂයේ ටොන් 44,000කදුම්කොළ සහ අතුරු නිෂ්පාදන ආනයනය කර ඇති අතර 2018දි  ටොන් 32,000 දක්වා පහත වැටී ඇත.

2016-2017 වර්ෂ දෙකක කාලය තුල දුම්කොළ ආනයනයේ සමස්ත බර 48.39% කින් පහත වැටී ඇත.

දුම්කොළ නිෂ්පාදන සඳහා සියයට සියයක බද්දක් පැනවූ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය අයත් පළමු රට බවට සෞදි අරාබියපත් වෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS