අසීමිතව ඇමතුම් ලබාගත හැකි නව පැකේජයක්



අසීමිතව ඇමතුම් ලබාගත හැකි නව පැකේජයක් එයාර්ටෙල් ලංකා සමාගම  හඳුන්වා දුන්නේය. 

"කතාබස්" යනුවෙන් නම් කර ඇති මෙම නව පැකේජය මගින් පෙරගෙවුම් සබඳතා තවදුරටත් සරල කරන බව එයාර්ටෙල් ලංකා සමාගම සඳහන් කළේය. 

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මෙම නව පැකේජය හඳුන්වා දෙන ලදි. 

රුපියල් 98 කට මිලදී ගැනීමට හැකි මෙම පැකේජය දින 30 කාලයක් සඳහා වලංගු වේ. මෙය රීචාර්ජ් පැකේජයකි. 

මෙම පැකේජය හඳුන්වා දීමත් සමඟ පාරිභෝගිකයන්ට නොමිලේ ඇමතුම් ලබාගත හැකි යැයි ද එයාර්ටෙල් ලංකා සමාගම සඳහන් කළේය. 

මෙම පැකේජ තවත් සුවිශේෂී පහසුකම් රැසකින් සමන්විත යැයිද  එම සමාගම තවදුරටත් සඳහන් කළේය.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


RECOMMEND POSTS