අවබෝධතා ගිවිසුමක්



ගුවන් ගමන් ක්ෂේත්‍රය සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් ඉතාලිය සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

අවබෝධතා ගිවිසුමට අනුව,ඕමානය සහ ඉතාලිය අතර මඟී ගුවන් වාර විසි අටක් (28) සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් වාර හතක් (07) සතියකට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

දැනට ඕමානය සහ ඉතාලිය අතර ගුවන්වාර දෙක බැගින් ක්‍රියාත්මක වන බවත් ගිවිසුමෙන් වාසි රැසක් අත්වන බව ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS