අපූරු සංගීත අත්දැකීමක්: Dream Music Fest



ඩයලොග් ආසිආටා ශ්‍රී ලාකේය ප්‍රාසාංගික කලාවේ මින් පෙර නොවිඳි අපූරු සංගීත අත්දැකීමක් ලබාදෙන “Dream Music Fest” ප්‍රසංගය බලගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී විසින්  ශ්‍රී ලාංකේය සංගීත රසිකයන්ට කිසිදා අමතක නොවන අත්දැකීමක් ලබාදීම සඳහා Dream Music Fest සංගීත ප්‍රසංගය සඳහා අනුග්‍රහය දැක්වීමට කටයුතු කර ඇත.

හෙට එනම් අගෝස්තු 23 වෙනිදා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල් පරිශ්‍රයේදී ප.ව 5 සිට පැවැත්වෙන මෙම ප්‍රසංගය සැලකෙන්නේ කොවිඩ් - 19 න් පසු මෙරට විවෘත පරිසරයක අසුන්ගෙන නැරඹිය හැකි පළමු ප්‍රසංගය ලෙසයි.

විවිධ ශෛලීන් අනුගමනය කරන කලා ශිල්පීන්ගේ ඉදිරිපත් කිරීම් මෙන්ම පෙරදිග හා අපරදිග සංගීතයේ මනා සුසංයෝගයට තම නිර්මාණශීලී හැකියාවන් මුසු කරන සංගීතඥයන්ගේ සහ  සංගීත කණ්ඩායම් හි අපූර්ව නිර්මාණ විඳගැනීමේ දුර්ලභ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට මෙහිදී හිමිවේ.

එපමණක් නොව විවිධ රසඥතාවන්ගෙන් යුතු ප්‍රේක්ෂකයන්ගේ සංගීත රැචිකත්වය හඳුනන සුප්‍රකට DJ ශිල්පීන්,  වාදකයන් සහ විවිධ වයස් කාණ්ඩයන්ට අයත් ගායක ගායිකාවන්ද මෙම විශේෂ ප්‍රසංගය සමඟ එක්වී සිටිති. සුනිල් පෙරේරා, භාතිය සහ සන්තුෂ්, රන්දීර් විතාන, උමාරා සිංහවංශ, කෙවින්ද අල්මේදා, කසුන් කල්හාර, ආත්මා ලියනගේ, සමිතා මුදුන්කොටුව, සංඛ දිනෙත්, සනුක වික්‍රමසිංහ, ලහිරු පෙරේරා, රිද්ම වීරවර්ධන සහ ධනිත් ශ්‍රී යන ජ්‍යෙෂ්ඨ සහ නව පරපුරේ ගායක ගායිකාවන්ගේ සහභාගිත්වය Dream Music Fest with Dialog සඳහා හිමිවේ.

සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර තිබෙන සෞඛ්‍යාරක්ෂිත පියවර නිසි ලෙස අනුගමනය කරමින් මෙම ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව සමාජ දුරස්ථභාවය රැකගැනීමට www.myticket.lk වෙත පිවිස online ඔස්සේ ප්‍රවේශපත්‍ර ලබාගැනීමටත්, ප්‍රේක්ෂක තදබදය අවම කිරීම සඳහා ප්‍රසංගය ආරම්භ වන වේලාවට පැය 2 කට පෙර නෙළුම් පොකුණ පරිශ්‍රයේ ගේට්ටු විවෘතව තැබීමටත් පියවර ගනු ලැබේ. ප්‍රසංගය පැවැත්වෙන පරිශ්‍රය තරයේ විෂබීජහරණයට ලක් කරන අතර, ශාලාවට ඇතුළුවන ස්ථානයන්හි ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමද සිදුවේ. මීට අමතරව දෑත් පිරිසිදු කරගැනීම සඳහාද පහසුකම් සලසා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියෙන් සහ ටීවී දෙරණ මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන Dream Music Fest with Dialog ප්‍රසංගය පැවැත්වීමට මූලිකත්වය ගනු ලැබුවේ උත්සව කළමනාකරණ සංවිධානයයි.

කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වයෙන් පසුව මෙරට විනෝදාස්වාද ක්ෂේත්‍රයට අහිතකර බලපෑමක් සිදුවිය. දැඩි පසුබෑමකට ලක්වූ මෙරට විනෝදාස්වාද ක්ෂේත්‍රය සහ ප්‍රාසාංගික කලාවට නව ජවයක් ලබාදෙමින්, යළි පිබිදෙන අලුත් ශ්‍රී ලංකාවක් තුළ විනෝදාස්වාද ක්ෂේත්‍රය සහ ප්‍රාසාංගික කලාව නැවත පණගැන්වීමේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රේක්ෂකයින්ට අද්විතීය අත්දැකීමක් ලබාදීම Dream Music Fest with Dialog ප්‍රසංගය පැවැත්වීමේ අරමුණයි.

RECOMMEND POSTS