ඉරානය හා චීනය එකඟතාවයකට එයි



ඉරානය සහ චීනය අතර වෙළඳ ගණුදෙනු ඒ ඒ රටවල ජාතික මුදල් ඒකක මඟින් සිදු කිරිමට සැලසුම් කර තිබේ.

ඉරාන ආර්ථික කටයුතු සහ මුදල් අමාත්‍ය මෂූඩ් කර්බසියන් අද ප්‍රකාශ කළේ ඊට අදාළ අවබෝධතා ගිවිසුම්වලට එළඹෙන බවයි.

ඉරාන ජනාධිපති රවුහානිගේ චීන සංචාරයට පෙර දෙරට අතර අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

ඒ අනුව දෙරට අතර වෙළඳාම, තාක්ෂණික සහ විද්‍යාත්මක සහයෝගිතාව, බැංකු කටයුතු ඉන්ධන සහ ඛණිජ ද්‍රව්‍ය යනාදී ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කිරිමට නියමි.

චීනය, ඉරානයේ විශාලතම, ඉන්ධන මිලදී ගන්නා රට වශයෙන් සැලකෙයි

(තිළිණි ද සිල්වා)

අල් ජසීරා.


RECOMMEND POSTS