කුකුළු ගොවිපොල නව ව්‍යාපෘතියක්



කටාර් කුකුළු ගොවිපොළකරුවන් දිරිගන්වමින්, කටාරයේ කුකුලු නිෂ්පාදන වැඩි කර ගැනීමේ නව ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට දාර් අල් රයාන් ආයෝජන සමාගම සූදානම් වෙයි.

‘අල් රයාන් කුකුළු නිෂ්පාදන’ යන නමින් අල් රයාන් ආයෝජන සමාගම කුකුළු නිෂ්පාදන හඳුන්වා දෙමින්, රටේ ආර්ථිකයට දායක වීමට සූදානම් බව එම සමාගමේ සභාපති ෂෙයික් සුහයීම් බින් කලීද් අල් තානී කියා සිටී.

කටාරයේ කුකුළු ගොවිපොල හිමිකරුවන් අතරින් අංක එක ස්ථානයේ පසුවන්නේ ‘අල් රයාන් කුකුළු නිෂ්පාදන’ සමාගම යැයි ද පැවැසෙයි.

‘වසර 2030 දී කටාර් රජය ආහාර සුරක්ෂිතා වැඩසටහනක් ක්‍රියාත්ම කිරීමට සූදානමින් සිටිනවා. ඊට සාර්ථකව මුහුණ දීමටත් ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙනුත් තම නිෂ්පාදන කටයුතු සිදු කරනවා යැයි සභාපති ෂෙයික් සුහයීම් බින් කලීද් අල් තානී වැඩි දුරටත් කියා සිටී.
නව ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමෙන් පසු වාර්ෂිකව කුකුළු මස් ටොන් 70,000 ක් සහ බිත්තර මිලියන 250 ක් බලාපොරොත්තු විය හැකි යැයි ෂෙයික් සුහයීම් බින් කලීද් අල් තානී වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටී.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS