ආර්ථිකය ශක්තිමත් කරනවා



ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගත යුතු සියලු පියවර ගන්නා බව තුර්කි මහ බැංකුව නිවේදනය කළේය.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තුර්කි මුදල් ඒකකය වන ‘ලීරා’ කඩා වැටීමත් සමඟ එරට මහ බැංකුව ඒ බව නිවේදනය කළේය.

“බැංකුවලට අවශ්‍ය සියලු ද්‍රවශීලිතාව” සපයනවා යැයි ද තුර්ක මහ බැංකුව සඳහන් කළේය.
සඳුඳා ආදියා ශාන්තිකර කලාපයේ වෙළඳාම් ආරම්භ කළ අවස්ථාවේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ලීරා මුදල් ඒකකය 7.24ක් දක්වා අවප්‍රමාණය වූ අතර එය මෙතෙක් වාර්තා වූ පහළම අගයයි.

කෙසේ නමුත් තුර්කි මහ බැංකුවේ නිවේදනයත් සමඟ එරට මුදල් ඒකකය නැවතත් යම් ප්‍රගතියක් පෙන්නුම් කළේය. එහෙත් තවමත් නව ගුණයකින් පහත වැටී තිබේ.

මේ වසරේ ගත වූ කාලයේදී තුර්කි මුදල් ඒකකයට එහි අගයෙන් සියයට 45ක් අහිමි වී තිබේ.
තුර්කි ජනාධිපති රෙජෙබ් තායිප් ඇර්දොවාන් එරට ආර්ථිකයට මැදිහත් වීම ද බොහෝ පිරිසකගේ කනස්සල්ලට හේතු වී තිබේ. ඉහළ උද්ධමනයක් තිබෙන අවස්ථාවකදීද පොළී අනුපාත පහළ දමන්නැයි ඔහු අවස්ථා කිහිපයකදීම සඳහන් කළේය.

තුර්කිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතා ද බිඳ වැටෙමින් තිබෙන අතර එය ද තුර්කි ආර්ථිකයට අහිතකර ලෙස බලපෑම් කරනු ඇත.

මේ අතර ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑමට නිසි පියවර ගන්නා බව පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තුර්කි මුදල් අමාත්‍ය බෙරාත් අල්බයිරාක් පැවැසීය.
“අපි අපගේ බැංකු සමඟ නිසි පියවර ගන්නවා. මහ බැංකුව ඒ සඳහා පියවර ගනිමින් ඉන්නවා. අවශ්‍ය අවස්ථාවලදී කඩිනම් පියවර ගන්නවා” යැයි ද හෙතෙම කීය.  

හර්ෂණ තුෂාර සිල්වා

අල්ජසීරා


RECOMMEND POSTS