‘චබාහාර්’ වරාය විවෘත කෙරේ



ඉරානයේ අනුග්‍රහයෙන් ඉදි කෙරුණු ‘චබාහාර්’ නමැති වරාය නගරයේ පළමු අදියර විවෘත කෙරුණි. ඒ, ඉරාන ජනාධිපති හසන් රොව්හානිගේ ප්‍රධානත්වයෙනි.

මෙම වරාය නගරය පිහිටා ඇත්තේ සිස්ටන් බලුකිස්තාන් පළාතේය.

පාකිස්තානය මඟහැර, ඉරානය, ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය, මෙම නව වරාය නගරය හරහා නව වෙළෙඳ මාර්ග විවෘත කර ගැනීමට නියමිතව ඇත. මෙම වරාය නගරය ඉදි කරනු ලබන්නේ ඉන්දියාව සහ ඉරානය එක් වෙමිනි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS