සෞදි රජය ’අරම්කෝ’ තෙල් සමාගමේ කොටස් විකුණයි



තම ප්‍රමුඛ පෙළේ තෙල් සමාගම වන ‘අරම්කෝ’ තෙල් සමාගමේ කොටස්වලින් සියයට 49 ක් විකිණීමට සෞදි රජය සූදානම් වන බව සෞදි පුවත් සේවා වාර්තා කරයි.

මෙම කොටස් අලෙවිය සහ ඒවා මිලදී ගැනීම ඉදිරි වසර 10 ක කාලය තිස්සේ සිදුවීමට නියමිතව ඇතැයි සෞදි පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.

‘අරම්කෝ’ තෙල් සමාගමේ කොටස් මේ අයුරින් විකිණීමට සෞදි රජය තීරණය කර ඇත්තේ, රට ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති නිසා යැයැද පැවැසෙයි.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS