සෞදියේ ඉන්ධන සඟවලා



සෞදි අරාබිය 2018 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කළ වැට් බදු අය කිරීමට පෙර ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග සඟවා ඇති බවට සෞදි වානිජ හා ආයෝජන අමාත්‍යාංශයට පැමිණිලි ලැබි තිබු අතර වංචාවන් සිදුවීම වැළැක්වීමේ අරමුණින් දෙසැම්බර් 31දින මධ්‍යම රාත්‍රිය වන තෙක්ම ඉන්ධන පිරවුම්හල් 1,597ක් පරික්ෂාවට ලක් කර ඇති බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

වංචාවන් වැළැක්වීමේ අරමුණින් ඉන්ධන පිරවුම් 68ක් වසා දැමීමටවානිජ හා ආයෝජන අමාත්‍යාංශය කටයුතු කර තිබු බව වාර්තා වේ.

ඉන්ධන මිල වැඩිවීම දෙසැම්බර් මාසයට පෙර නිවේදනය කර තිබු අතර වැට් බදු අයකිරිම ක්‍රියාත්මක කිරීමෙන් පසු ඔක්ටේන් 91වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රියාල් 0.75සිට 1.37දක්වාද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රියාල් 0.90සිට 2.04දක්වා වැඩි කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS