සංචාරකයන් 24,000 ක් ඇවිත්



ඉලෙක්ට්‍රෝනික් සංචාරක වීසා ලබාගෙන සෞදි අරාබියට සංචාරකයන් විසිහතර දහසක් දින දහයක් ඇතුලත පැමිණ ඇති බව වාර්තා වේ.

සෞදි ගුවන්තොටුපොලවල් හරහා චීන ජාතිකයන් 7,391ක් පැමිණ ඇති බවත්, පැමිණි වැඩිම පිරිස චීන ජාතිකයන් වන බව සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත. 

බ්‍රිතාන්‍ය ජාතිකයන් 6,159, ඇමරිකානු ජාතිකයන් 2,132, කැනඩා ජාතිකයන් 1,612, මැලේසියානු ජාතිකයන් 1,107, ප්‍රංශ ජාතිකයන් 744,  ජර්මනු ජාතිකයන් 557, රුසියානු ජාතිකයන් 484, ඕස්ට්‍රේලියානු ජාතිකයන් 476,

කසකස්තාන ජාතිකයන් 421ක් පැමිණි සංචාරක පිරිසට අයත් වේ.

රියාද් බලධාරීන් ඉලෙක්ට්‍රෝනික් සංචාරක වීසා නිකුත් කිරීම නිසා විශාල සංචාරකයන් ප්‍රමාණයක් සෞදි අරාබියේ සංචාරය කිරීමට පටන් ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS