විකෘති කළොත් දැඩි දඩුවම්



දෛනික මුදල් ගණුදෙනු කිරීම සඳහා භාවිතා කරනු ලබන මුදල් නෝට්ටු මත ලිවීමෙන් හෝ අවලක්ෂණ වන ආකාරයෙන් භාවිතා නොකරන ලෙස සෞදි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සෞදි ජනතාවගෙන්ඉල්ලීමක් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අර්ධ වශයෙන් මුදල් නෝට්ටු ඉරා දැමීම, අවලක්ෂණ කිරීම හෝ රසායනික ද්‍රව්‍ය භාවිතා කර විකෘති කර ඇත්තම් ඊට විරුද්ධව නීති මඟින් ක්‍රියා කරන බවත් වසර පහක් දක්වා වු උපරිම කාල සීමාවක සිරදඩුවමක් සහ සෞදි රියාල් 10,000ක දඩ මුදලක් නියම කරන බව සෞදි මහ බැංකුව ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS