වැටුප් නොමැතිව සති තුනක් නිවාඩු ගන්න



වැටුප් නොමැතිව සති තුනක් නිවාඩු ගන්නැයි ලෝ ප්‍රකට ‘කැතේ පැසිෆික්’ ගුවන් සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා එම සමාගමේ සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මාරාන්තික කොරෝනා වයිරසය පැතිර යෑමත් සමඟ චීනයට අයත් විශේෂ අර්ධ පාලිත, පරිපාලන ප්‍රදේශයක් වන හොංකොං කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ‘කැතේ පැසිෆික්’ සමාගම දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.
එම නිසා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි  ඔගස්ටස් ටැන්ග් වැටුප් නොමැතිව සති තුනක් නිවාඩු ගන්නැයි එම සමාගමේ සේවකයන්ගෙන් එලෙස ඉල්ලා ඇත.

“ඔබට සියලු දෙනාම මීට සහභාගී වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. පොඩිම සේවකයාගේ සිට ඉහළම නිලධාරියා දක්වා මීට සම්බන්ධ වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි අපේ වත්මන් අභියෝගවලට සාමූහිකව සහයෝගයෙන් මුහුණ දෙන්න ඕනෑ” යැයි අන්තර්ජාලය ඔස්සේ විඩියෝ පටයක් මුදාහරිමින් හෙතෙම කීවේය.

සමාගමේ සේවකයෝ 27,000ක් පමණ සේවය කරති.

හොංකොංහිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS